මාලිගාවත්තේ රථ වාහන ධාවනය සීමා කෙරේ

මාලිගාවත්තේ අද දහවල් සිට රථ වාහන ධාවනය සීමා කෙරේ

by Staff writer 23-10-2018 | 6:58 AM

COLOMBO (News 1st) - මාලිගාවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය අද දහවල් 12.30 සිට සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරගය හේතුවෙනි. පොලීසිය සඳහන් කළේ, ක්‍රිකට් තරගය අවසන් වන තෙක් දොස්තර බ්‍රිටෝ බබා පුල්ලේ මාර්ගය සහ ඛෙත්තාරාම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බවයි. එමෙන්ම ශ්‍රී සද්ධර්ම මාවත සිට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය දක්වාත් දොස්තර බබා පුල්ලේ මාර්ගය ග්‍රැන්ඩ්පාස් පාර දෙසට පමණක් වාහන ධාවනය කෙරෙනු ඇති. මේ අතර මාලිගාවත්ත අඩි 100 පාර එම කාල සීමාව තුළ මෛත්‍රී බෝධිරාජ මාවත පදිංචිකරුවන් සඳහා පමණක් සිමා කෙරේ. අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටි.