මහජන බැංකුවට නව සභාපතිවරියක පත් කෙරේ

මහජන බැංකුවේ නව සභාපතිවරිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත් කෙරේ

by Staff writer 23-10-2018 | 10:25 PM
COLOMBO (News 1st) - මහජන බැංකුවේ නව සභාපතිවරිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත් කර තිබේ. මහජන බැංකුවේ නව සභාපතිනී සුජාතා කුරේ මහත්මිය මීට පෙර වරාය හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ධූරය මුදල් අමාත්‍යංශයේ සහකාර ලේකම් ධූරය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස හා රාජ්‍ය හා පුද්ගලික බැංකු කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ද එතුමිය කටයුතු කර තිබේ. ඊට අමතරව වැටුප් හා සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙස ද ඇය කටයුතු කර තිබේ. සුජාතා කුරේ මහත්මිය නව තනතුර සඳහා පත් කර ඇත්තේ, ජනාධිපතිවරයා විසිනි. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ පස්වරුවේ විසුරුවා හැර ඇති අතර ඊට අදාළ පත් කිරීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිත ය.