ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත: පෙත්සම් විභාගය අවසන්

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්

by Staff writer 23-10-2018 | 5:47 PM
COLOMBO (News 1st) - නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කරනු ලැබී ය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් පාර්ශව මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ගණන 09කි. අද දින මෙම පෙත්සම් සලකා බලනු ලැබුවේ සිසිර ද අබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය. නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ තම තීරණය ඉදිරියේදී කථානායකවරයාටත්, ජනාධිපතිතුමාටත් දැනුම් දීමට පියවර ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනු ලැබී ය. නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට අර්ථ නිරූපණයක් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබිණි. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ, පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝගයක් කරන ලෙස ය.