by Staff writer 23-10-2018 | 11:39 AM
COLOMBO (News 1st) - ආහාර විෂවීමක් හේතුවෙන් හැටන් ශ්‍රීපාද විද්‍යාපීඨයේ සිසු සිසුවියන් 70 කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ.
කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍යය සවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවේ, ඊයේ කුකුල් මස් ව්‍යංජයක් සමග බත් ආහාරයට ගැනීමෙන් පසු අද උදෑසන සිට ඔවුන්ට පාචනය, ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ මතුව ඇති බවයි.
රෝහල්ගත කළ සිසුන් අතර සිසුවියන් 48 දෙනෙකු වන බව වෛද්‍යවරිය සඳහන් කළේ ය.