by Staff writer 22-10-2018 | 10:33 PM
COLOMBO (News 1st) - හයට් සහ හිල්ටන් හෝටල්වල පවරාදීමේ ක්‍රියාවලියේදී විනිවිද භාවයෙන් යුත් ක්‍රමවේදයක් අනුගමනය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහෙත් මේ ක්රියාවළිය තවදුරටත් ප්‍රශ්න සහගතයි.
පසුගිය බ්‍රහස්පතින්දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පුවත්පත් දැන්වීමක් පළ කරමින් දැනුම් දුන්නේ, කොළඹ හිල්ටන් සහ හයට් හෝටල් සඳහා ආයෝජකයින්ට අවස්ථාව සලසා දී ඇති බවයි.
ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලියවිලි ඔක්තෝබර් 31 වන දිනට පෙර යොමු කරන ලෙස එම දැන්වීමේ සඳහන් වී තිබුණි.
නිව්ස්ෆස්ට් මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතුකළ අතර නිවාඩු දිනයන් හැර අදාළ ලිපි ඉදිරිපත් කිරීමට ආයෝජකයින්ට ලබාදී තිබුනේ දින 9 ක් පමණයි.
වැඩ කරන දින 9 ක් තුළ ආයෝජකයෙකුට කැමැත්ත පළ කිරීමේ ලියවිල්ලක් ඉදිරිපත් කළ හැකිදැයි ප්‍රශ්න කරමින් අප විමසා සිටියේ කිසියම් අයෙකු දැනටමත් තෝරාගෙන ආදළ ව්‍යාපෘති දෙක පැවරීමේ උත්සාහයක් ඇතැම්විට ක්‍රියාත්මක වනවා විය හැකි බවයි.
අද මුදල් හා ජනමාධය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වන්නේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලියවිල්ලෙන් අදාළ ආයෝකයාගේ ව්‍යාපාර, මූල්‍ය ශක්තිය මිලදී ගැනීමට කැමති හෝටලය හා එහි වත්කම් ගැන දැන්විය යුතු බවයි.
පසුව තනි පිටුවේ ඉල්ලුම් පත්‍රයක් ඔවුන්වෙත යොමු කරන බවත් එම ඉල්ලුම් පත්‍රය ලැබීමෙන් පසුව රහස්‍ය නොවන තොරතුරු සපයන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියේ මුදලින් ලංසු තැබීමක් අවශ්‍ය නොවන බවයි.
හිල්ටන් හා හයට් හෝටල් කළමනාකරණ සමාගම්වල කළමනාකරණ ගිවිසුම්වල රහස්‍යතා වගන්ති ඇති නිසා මේ අයුරින් ක්‍රියාකරන බව ද එහි සඳහන් විය.
මේ නිසා කැමැත්ත ප්‍රකාශ කරන පාර්ශව ලැයිස්තුගත කර සංවේදී තොරතුරු හා රහස්‍යභාවය හෙළිනොකරන බවට ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු පිටු 100 ක විස්තරාත්මක මූල්‍ය තොරතුරු හා අනෙකුත් විස්තර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ අනුව ආයෝජකයින්ට මූල්‍ය ලංසු හා විස්තරාත්මක කොන්දේසි සකස්කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී ඇති බව අමාත්‍යාංශයේ මතයයි.
අමාත්‍යාංශය කෙසේ පැහැදිලි කළත් ප්‍රායෝගිකව මේ කරුණු ක්‍රියාත්මක වෙයි ද?
ඊට අතීත උදාහරණ ඕනෑ තරම් තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර සඳහා තරගකාරී ලංසු කැඳවීම වෙනුවට තෝරාගත් ජපාන සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදීම.
චීන සමාගමක් සමගම තරගකාරී අවස්ථාවක් තිබියදීත් හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ ගිවිසුම.
කෙරවලපිටිය ද්‍රව වායු බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාතුව තවමත් පිරිනැමීමට නොහැකිවීම.
වොක්ස්වැගන් කම්හල හා හොරණ ටයර් කම්හල ද ජනතාවට එකක් කියා වෙනම දෙයක් ක්‍රියාත්මක කළ තව ත් කදිම අවස්ථා දෙකක්.
මෙවැනි උදාහරණ ඕනෑ තරම් පසුගිය වසර 3 ක කාලය තුළ ජනතාව අත්විඳ තිබේ.
මේ නිසා හයට් හා හිල්ටන් හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව ද රටේ ජනතාව අවධියෙන්.
හයට් ව්‍යාපෘතිය හරහා දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලු කණ්ඩායම සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු ජනතා මුදල් මිලියන 500 කට වඩා අහිමි කර ඇත.
ඊට අදාළව දැන් නඩුවක් ද විභාගවෙමින් ඇති පසුබිමක මේවා ගැන රටේ ජනතාව දැඩි අවධානයකින් සිටින බව අප යළි යළි ත් සිහිපත් කරන්නෙමු.