සම්බා හා නාඩු සහල් මිල පහළට

සම්බා හා නාඩු සහල් මිල පහළට

by Staff writer 22-10-2018 | 8:38 AM
COLOMBO (News 1st) : සුපිරි සම්බා ඇතුළු සියලුම සම්බා හා නාඩු සහල් මිල පහත දැමීමට ජීවන වියදම් කමිටුව පියවර ගෙන තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, නව මිල යටතේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් 108 ක් වන අතර නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88 ක් ද වන බවයි. කුඩා හා මධ්‍ය පරිමාණයේ සහල් මෝල් හිමියන්ගේ එකඟතාව ඒ සඳහා ලැබී ඇතැයි ද ඔහු පැවසී ය. ජෙෂ්‍ය්ඨ පර්යේෂණ නිලධාරි, කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ සුපිරි සම්බා කිලෝග්‍රෑම් 10 ක පැකට්ටුවක් රුපියල් 1080 ක් වන බවයි. ජනවාරි මාසයෙන් පසු මෙම සහල් මිල ගණන් තවදුරටත් පහළ යනු ඇතැයි ද ඔහු පැවසී ය.