රැකව මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

රැකව මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

by Staff writer 22-10-2018 | 9:45 AM
COLOMBO (News 1st) : තංගල්ල, රැකව, වැලිවතුගොඩ මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, 35 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු එලෙස මියගොස් ඇති බවයි. මේ අතර මෝදර මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, මෝදර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි.