ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-10-2018 | 7:59 AM
දේශීය පුවත්... 1. විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3560ක් අත්අඩංගුවට : දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2. කොස්ගොඩ සුජීගේ සගයෙක් සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට : සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කළ වැටලීමකින් ටී 56 උණ්ඩ 3000ක් ඇතුළු උණ්ඩ තොගයක් සමග සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 3. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මතට නැග විරෝධතාවක : පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වෙති. 4. ගල්ගමුවේ හා පලුගස්වැවදී දුම්රියක ගැටී සද්දන්තයින් දෙදෙනෙකු මරුට: දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය පවසයි. 5. ඉන්දීය සංචාරය නිම කරමින් අගමැති යළි දිවයිනට : ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා විය.

විදෙස් පුවත් ......

1. ජනපති ට්‍රම්ප් රුසියානු න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමට සැරසෙයි : රුසියාව සමග ක්‍රියාත්මක එළඹ සිටින න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් සිය රට ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.