අගුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව තවදුරටත්

අගුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව තවදුරටත්

by Staff writer 22-10-2018 | 6:20 AM
COLOMBO (News 1st) : අගුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව මේ වන විටත් ක්‍රියාත්මක වේ. බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ විරෝධතාවට මේ වන විට 50 දෙනෙකු පමණ එක්ව සිටින බවයි. පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ පිරිසක් කුළුණක් මත නැගී ඊයේ උදෑසන සිට විරෝධතාවයක නිරතව සිටිති. බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, එම විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමු කර ඇති බවයි. පසුගිය 17 වන දා සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ බාහිර ආරක්ෂව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවී ය. වැලිකඩ බන්ධනාගරය නව මැගසින් බන්ධනාගරය හා වැළිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ඉදිරියේදී පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂව ලබා දීමට නියමිතයි.