උතුරු - නැගෙනහිර ඉඩම්වල අයිතිය මුල් හිමිකරුවන්ට ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 22-10-2018 | 5:57 PM

COLOMBO (News 1st) - වතුකරයේ ජනතාවට පළමු වරට ස්ථිර ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අද පැවති සාකච්ඡාවකදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ බවයි. මේ අතර උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් දෙසැම්බර් 31 වන දාට පෙර මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිතුමා එම සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන්නේ ය. පළාත් ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිතුමා අද පැවති සාකච්ඡාවේදී දැනුම් දුන්නේ දෙසැම්බර් 31 වැනි දාට පෙර එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි.