වල්ලපට්ටා ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර

වල්ලපට්ටා ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර

by Staff writer 21-10-2018 | 12:18 PM

COLOMBO (News 1st) - වල්ලපට්ටා ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිසා වන නිලධාරී කාර්යාලය පවසයි.

ඊට අදාළ වල්ලපට්ටා පැළ තවාන් මේ වන විටත් ආරම්භ කර අවසන් ය. ගාල්ල දිසා වන නිලධාරී කාර්යාලය සඳහන් කළේ, ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි බැවින් ගෙවතු වගාවක් ලෙස එය ප්‍රචලිත කිරීමට තීරණය කළ බවයි. ඒ සඳහා දැනට පවතින අපනයන නීති ලිහිල් කිරීම කෙරෙහි ද ඉදිරියේදී අවධානය යොමු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.