මහ කන්නයට ජලය නිකුත් කිරීම ලබන 25 වන දා සිට

මහ කන්නයට ජලය නිකුත් කිරීම ලබන 25 වන දා සිට

by Staff writer 21-10-2018 | 7:35 AM

COLOMBO (News 1st) - එළඹෙන මහ කන්නය සඳහා 25 වන දා සිට ජලය නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා ප්‍රකාශ කළේ, ජල පාලන කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි. පවතින වැසි සමග වගා කටයුතු ආරම්භ කරන්නැයි ඔහු ගොවි ජනතාවට දැනුම් දී ඇත.