by Staff writer 21-10-2018 | 2:09 PM
COLOMBO (News 1st): මත්පෙති 2600 ක් සමග මත්පෙති ජාවාරම්කරුවෙකු ඕමන්තේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය පැවසුවේ, මීට දින දෙකකට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලබාගත් තොරතුරු අනුව ක්‍රියාත්මක කළ වැටලීමකදී ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රධාන ජාවාරම්කරු සමග තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඔවුන් යාපනය, චුන්නාක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.