කොස්ගොඩ සුජීගේ සගයෙක් සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට

කොස්ගොඩ සුජීගේ සගයෙක් සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට

by Staff writer 21-10-2018 | 8:54 PM
COLOMBO (News 1st) : සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කළ වැටලීමකින් ටී 56 උණ්ඩ 3000ක් ඇතුළු උණ්ඩ තොගයක් සමග සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ප්‍රධාන පෙළේ සහයකයෙකු ද සැකකරුවන් අතර වන බවයි. ඔවුන් සන්තකයේ තිබි 9 mm වර්ගයේ පතොරෙම් 32 ක්, සුඛෝපභෝගී වෑන් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලද්දුව රොෂාන් නමැති හිටපු නාවික හමුදා සමාජිකයෙකු ද සිටින බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි. අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. උණ්ඩ තොගය වෑන් රථයකින් ගාල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය භාරයට ගෙන තිබේ. ලද තොරතුරක් මත සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වැටලීම ක්‍රියාත්මක කෙරිණ. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.