by Staff writer 21-10-2018 | 11:06 AM
COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව පාලක මැදිරිය පවසයි.
ඒ, අද උදෑසන 6.30 ට පමණ රදැල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ය.
මේ වනවිට පීලිගත කිරීම් ආරම්භ කර ඇතැයි පාලක මැදිරිය පවසා තිබේ.
මේ අතර මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.
පාලක මැදිරිය සඳහන් කළේ, මේ හේතුවෙන් උදෑසන 6.10 ට මඩකලපුව සිට කොළඹ බලා ධාවනයවීමට නියමිතව තිබු දුම්රිය අවලංගු කළ බවයි.
මඩකලපුව මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවූයේ පලුගස්වැව සහ ගල්ඔය අතරදී වන අලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙනි.