අනවසර ඉදිකිරීම් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක්

අනවසර ඉදිකිරීම් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක්

by Staff writer 21-10-2018 | 12:45 PM

COLOMBO (News 1st) - අනවසර ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, 100 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා අනුයුක්ත කරන බවය. ඉදිකෙරෙමින් ඇති ගොඩනැගිලි සඳහා නිසි සැලැස්මක් තිබේ ද ඊට අනුමැතිය හිමි ව ඇතැයිද යන්න සහ එය නිසි ප්‍රමිතියකින් යුක්තව ඉදිකෙරෙනවා ද යන්න මෙහිදී සොයා බලනු ඇති. අනවසර ඉදිකිරීම් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බව ද ඔහු පැවසුවේ ය. අනවසර ඉදිකිරීම්වලට අදාළව මේ වන විට 100 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ.