අධික බදු නිසා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට දැඩි බලපෑම්

අධික බදු නිසා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට දැඩි බලපෑම් - වාර්ෂික ආදායම පහළට

by Staff writer 21-10-2018 | 8:02 AM

COLOMBO (News 1st) - අධික බදු පැනවීමෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි සභාපති පේෂල ජයරත්න මහතා පැවසුවේ, රත්‍රං සඳහා පනවා ඇති බදු හේතුවෙන් නීති විරෝධිව මෙරටට රත්‍රං ගෙන ඒම ඉහළ ගොස් ඇති බවයි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපේක්ෂිත ආදායම වාර්ෂිකව රුපියල් මිලියන 1000 ඉක්ම වුව ද පවතින බදු හමුවේ, එම ප්‍රමාණය රුපියල් මිලියන 350 ක් පමණ දක්වා පහත වැටී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.