අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් විරෝධතාවයක

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මතට නැග විරෝධතාවක

by Staff writer 21-10-2018 | 9:22 AM

COLOMBO (News 1st) - පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වෙති.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, CCTV කැමරා පද්ධතිය සවි කර ඇති කුළුණ මත රිමාන්ඩ් සිරකරුවන් 50 ක් පමණ රැඳී සිටින බවයි. ඔවුන් අද උදෑසන 7.00 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂා තර කර තිබේ. පසුගිය සතියේ සිට බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කෙරිණි.