by Staff writer 21-10-2018 | 7:07 AM
COLOMBO (News 1st) - දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය පවසයි.
ඒ, පලුගස්වැව සහ ගල්ඔය අතරදී වන අලියෙකු දුම්රිය ගැටීම හේතුවෙනි.
වන අලියා ගැටී ඇත්තේ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ය.
අනතුරින් වන අලියා මියගොස් ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය.
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කර ඇතැයි ද පාලක මැදිරිය පැවසුවේ ය.
මේ අතර ගල්ගමුව මී ඔය පාලම අසළදී දුම්රියක ගැටීමෙන් ඇතින්නක් මියගොස් තව ත් ඇතින්නක් තුවාල ලබා තිබේ.
ඇතින්නන් ගැටී ඇත්තේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ය.
දුම්රියේ ගැටීමෙන් ඇතිනනන් දුම්රිය මාර්ගයේ දෙපැත්තට විසි වී ඇති බව ගල්ගමුව වනජීවි කාර්යාලය සඳහන් කළේ ය.
එහි අඩවි ආරක්ෂක කේ. එල්.රෝහිත මහතා සඳහන් කළේ, බරපතළ තුවාල ලබා සිටින ඇතින්නට ප්‍රතිකාර කිරීමට කටයුතු ආරම්භ කරන බවයි.
මියගිය ඇතිත්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරන බව ද ඔහු සඳහන් කළේ ය.