හොරොයින් සමග දෙදෙනෙක් මීටියාගොඩදී කොටුවෙති

හොරොයින් සමග දෙදෙනෙක් මීටියාගොඩදී කොටුවෙති: බන්ධනාගාර නිලධාරියෙකුත් ජාවාරම්කරුවන් සමග...

by Staff writer 20-10-2018 | 10:13 PM
COLOMBO (News 1st) - මීටියාගොඩ පොලීසිය ඊයේ කළ හදිසි වැටලීමකදී හොරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී ඇති බව ය. පොලීසිය පැවසුවේ, මෙම ජාවාරම්කරුවන් හෙරොයින් පැකට් කරමින් සිටියදී ඊයේ පෙරවරුවේ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළදී අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 300කි. පොලීසිය පැවසුවේ, මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසීගේ ගෝලයින් දෙදෙනෙකු බව ය. පොලීසිය අදාළ ස්ථානය වටලන අවස්ථාවේ ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ද එම ස්ථානයේ සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගෙන නැතත්, ලබන 22 වන දා පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ඔහුට දැනුම් දී තිබේ. මෙම ප්‍රධාන ජේලර්වරයා පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙම ජේලර්වරයා හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට කරුණු තහවුරු වුවහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ය.