රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකුට අල්ලස් කොමිසමෙන් නඩු..

වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකුට නඩු

by Staff writer 20-10-2018 | 6:59 AM

COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ඊයේ දිනයේ ද අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවය.