මාළිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි

by Staff writer 20-10-2018 | 5:36 PM
COLOMBO (News 1st) - මාළිගාවත්ත ජුම්මා මස්ජීන් පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ය. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 24 හැවිරිදි මොහොමඩ් නිෂාම්ඩීන් මොහොමඩ් අද්මීන් නමැති ඔහු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොහු වෙඩි ප්‍රහාරයට ලක් වූ දෙවන අවස්ථාව මෙය බව ය. පළමු අවස්ථාවේ සිදු කළ වෙඩි තැබීමෙන් මොහු දිවි බේරාගෙන තිබිණි. මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සැලකේ. තුවාලකරු, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බයියා නමැත්තාගේ ගෝලයෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය.