දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි...

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

by Staff writer 20-10-2018 | 9:05 AM

COLOMBO (News 1st) - මධ්‍යම, ඌව, සබරගමු පළාත්වලටත් අම්පාර මඩලකලපුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විශේෂයෙන් උතුරුමැද සහ වයඹ පළාත් ඇතුලුව ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ වැසි තත්ත්වය අද හා හෙට දිනවල වැඩිවීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. තව ද නෝවුඩ් නිව්වැලිගම ප්‍රදේශයෙන් නායගිය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය වෙනුවට නව මාර්ගයක් සකස් කිරීම ඊයේ ආරම්භ කෙරුණි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව නව මාර්ගය මසක් තුළ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර පසුගිය දා සිදු වූ නාය යාමෙන් අවතැන් වූ පවුල් 7 ක් සඳහා නෝවුඩ් ග්ලැන්කන් ප්‍රදේශයෙන් ඉඩම් ලබාදීමට පියවර ගන්නා බව ද දිස්ත්‍රික් ලේකම්වරදිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි.යා ප්‍රකාශ කළේ ය.