ගොඩකවෙල රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

ගොඩකවෙල ලොරි රථ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මරුට, තව ත් දෙදෙනෙකුට තුවාල

by Staff writer 20-10-2018 | 6:45 AM

COLOMBO (News 1st) - ගොඩකවෙල, පල්ලෙබැද්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි 9.30 ට පමණ ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු සහ පසුපස ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. පොලීසිය පැවසුවේ, අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.