ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 20-10-2018 | 6:33 AM

දේශීය පුවත්

1. මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්: ජනාධිපතිවරයාගේ නියෝගය අනුව තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගය මෙතෙක් තමන්ට ලබා නොදීම ඉල්ලා අස්වීමට ගැටලුවක් ව ඇති බවයි. 2. අගමැති කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවෙයි: ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවිය. හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි යන මහත්ම මහත්මීන් නවදිල්ලි නුවර පැවති මෙම හමුවට එක් ව සිටියහ. 3. ශ්‍රීලනිප මාවනැල්ල සමසංවිධායකවරයා රිමාන්ඩ්: බලපත්‍ර නොමැති ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල සමසංවිධායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විදෙස් පුවත්

4. ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 100කට අධික පිරිසක් මරුට: ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාහිදි සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව රාත්‍රි සමාප්ති උත්සවයට සහභාගී වෙමින් සිටි පිරිසක් දුම්රියක ගැටීමෙන් අනතුරට සිදු ව ඇති බවයි. 5. මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව ට්‍රම්ප් පිළිගනී..?: සෞදි අරාබි මාධ්‍යවේදි ජමාල් කෂෝගි නියත වශයෙන්ම මියගොස් ඇති බව පෙනී යන්නේ යැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඊට එරෙහිව සෞදියට දැඩි දඬුවම් ලබා දිය යුතු බවය.