ඇල්ල - වැල්ලවාය මාර්ගය භාවිත කරන රියැදුරන්ට උපදෙස්

ඇල්ල - වැල්ලවාය මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස් !

by Staff writer 20-10-2018 | 10:45 AM

COLOMBO (News 1st) - ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආශ්‍රිතව ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ රාවණා ඇල්ල ආශ්‍රිත බෑවුමෙන් මාර්ගය දෙසට ගල් කිහිපයක් පෙරලී ඇති බවයි. මේ වනවිට එම ගල් මාර්ගයෙන් ඉවත් කිරීම ආරම්භකර ඇති බැවින් රථ වාහන ධාවනයට බාධාවක් නොවන බව ද පොලීසිය සඳහන් කළේ ය. ඊයේ රාත්‍රියේ සිට ඇද හැලුන අධික වර්ෂාව හේතුවෙන් රාවණා ඇල්ලේ ජල මට්ටම ඉහළගොස් ඇති බැවින් රාවණා ඇල්ලේ දිය නෑමේදී ද සැලකිලිමත් විය යුතු බව පොලීසිය සඳහන් කළේ ය.