by Staff writer 19-10-2018 | 5:22 PM
COLOMBO (News 1st) : මධ්‍යම, ඌව, සබරගමු පළාත්වලට ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ත් මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද විශේෂයෙන් උතුරුමැද සහ වයඹ පළාත් ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ වැසි තත්ත්වය අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා වැඩිවීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටී.