දියවින්නේ දරුවන්ගේ පවස නිවා ලූ ගම්මැද්ද..

දිය බිඳක් නැතිව දුක් විඳි දියවින්නේ දරුවන්ගේ පවස නිවා ලූ ගම්මැද්ද..

by Staff writer 19-10-2018 | 10:18 PM
COLOMBO (News 1st) : ජන හදවතට සංවේදී වූ ගම්මැද්ද වැඩදහසක් අද බලංගොඩ ජනතාවගේ තවත් ගැටලුවකට විසඳුම් ලබාදීටම මුළ පිරීය. බලංගොඩ දියවින්න විදයාලය... පළමු ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දරුවන් 700කට අධික පිරිසක් මේ පාසලේ ඉගෙනුම ලබන්නේ අවම පහසුකම් යටතේයි. අනාගතය දිනන්නට පාසලට එන දරුවන්ට ඇති ප්‍රමුඛ අභියෝග පිපාසයට බොන්නට පිරිසිදු ජල බිඳක් නොමැති වීමයි. ඒ ගැටලුව හඳුනා ගනිමින්, අද විද්‍යාලයට පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීමේ කාර්යයට ගම්මැද්ද වැඩ දහස මුල පිරීය. ගම්මැද්ද සමග මේ දරුවන්ගේ පිපාසය නිවන්නට මූල්‍ය ශක්තිය ලබා දෙන්නේ බෙල්ලන්විල පදිංචි රෝසි වික්‍රමසේකර මහත්මියයි. ඒ යුද ක්‍රියාන්විතයේදී මියගිය ඇගේ ස්වාමි පුරුෂයා වන ඊ.ඒ. වික්‍රමසේකර සහ පුතු වන මේජර් ප්‍රියන්ත වික්‍රමසේකර යන මහත්වරුන් සිහි කිරීම වෙනුවෙනි. එම අවස්ථාවට නිව්ස්ෆස්ට් කළමනාකරු වසන්ත ප්‍රදීප් මාසිංහගේ ඇතුළු සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.