by Staff writer 19-10-2018 | 12:12 PM
COLOMBO (News 1st) - ගෑස් මිල ඉහළ දැමීමට සමාගම්වලට ඉඩ නොදෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගිය ද ගෑස් මිල වැඩි කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ය.
අමාත්‍ය රිෂාඩ් බද්‍යුදීන් මහතා ඊයේ ලිට්ට්‍රෝ ගැස් සමාගමේ සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
ගෑස් සැපයුම්කරුවන්ගේ ගෑස් ප්‍රවාහන වියදම් තුලනය කිරීම ආශ්‍රිතව ඉල්ලීම ජීවන වියදම් කමිටුවට හා මුදල් අමාත්‍යංශයට යොමු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.