කොළඹ ප්‍රදේශ රැසකට පැය 17ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 17ක ජල කප්පාදුවක්

by Staff writer 19-10-2018 | 1:00 PM
COLOMBO (News 1st) - කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට අද දහවල් 12 සිට පැය 17ක කාලයක් ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි. මේ අනුව අදාළ ප්‍රදේශවලට හෙට උදෑසන 5.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇති. එම කාල සීමාව තුළ කොළඹ 06, බොරලැස්ගමුව සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.