ඉන්දියාවේ දුම්රිය අනතුරින් 100ක් මරුට ..

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 100කට අධික පිරිසක් මරුට

by Staff writer 19-10-2018 | 10:01 PM
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාහිදි සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව රාත්‍රි සමාප්ති උත්සවයට සහභාගී වෙමින් සිටි පිරිසක් දුම්රියක ගැටීමෙන් අනතුරට සිදුව ඇති බවයි. මියගිය පිරිසෙන් ‍බෝහො පිරිසක් දුම්රිය මාර්ගයේ රැඳී සිටි පිරිසක් බව සඳහන් ය. අනතුර සිදුවන විට 700කට ආසන්න පිරිසක් එලෙස දුම්රිය මාර්ගයේ රැඳී සිට ති‍බේ. ප්‍රදේශයේ පැවති අධික රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් දුම්රිය පැමිණෙන හඬ නිසි පරිදි ශ්‍රවණය නොවිමෙන් බහුතර පිරිසක් අනතුරට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අනතුරින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.