පනත් කිහිපයක් එක් කොට නව පනතක් සැකසීමට යෝජනාවක්

අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා පනත්, එකම පනතක් කිරීමට කැබිනට් යෝජනාවක්

by Staff writer 19-10-2018 | 7:59 AM
COLOMBO (News 1st) - අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක් සකස් කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි. එහි අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී රැස්වූ දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ය.