මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව අමෙරිකාවත් පිළිගනී

මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව ට්‍රම්ප් පිළිගනී..?

by Sagarika Chathumali 19-10-2018 | 4:11 PM

COLOMBO : සෞදි අරාබි මාධ්‍යවේදි ජමාල් කෂෝගි නියත වශයෙන්ම මියගොස් ඇති බව පෙනී යන්නේ යැයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඊට එරෙහිව සෞදියට දැඩි දඬුවම් ලබා දිය යුතු බවයි. මේ හේතුවෙන් සෞදි අරාබියට දැඩි සම්බාධක පනවන්නැයි අමරිකානු නීතිවේදින් පිරිසක් ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට දැඩිව අවධාරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් සිය මිතුරු රටක් වන සෞදියට චෝදනා එල්ල වූ ජමාල්ගේ අතුරුදන්වීම වාර්තා වූ මුල් දින කිහිපයේ අමෙරිකාව මේ සම්බනධයෙන් ප්‍රතිචාර නොදැක්වීය. මේ අතර ඝාතනයට ලක් වූ බව කියන සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි සෙවීමේ තුර්කි පොලිස් මෙහෙයුම් පුළුල් කර තිබේ. අනන්‍යතාව හෙළි නොකළ තුර්කි නිලධාරියෙකු උපුටා දක්වමින් BBC ය වාර්තා කර ඇත්තේ, ජමාල්ගේ සිරුර අසල පිහිටි බෙල්ග්‍රාඩ් වනාන්තරයේ හෝ ගොවිපළකට ගෙන ගොස් දමා ඇති බවට විශ්වාස කරන බවයි. පසුගිය 2 වනදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු කෂෝගි අතුරුදන් වූ අතර තුර්කිය චෝදනා කළේ, ඔහු කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කර ඇති බවටයි. කෙසේ වෙතත් එල්ලවන ඝාතන චෝදනා සෞදි ආරාබිය දැඩි සේ ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, ජමාල් සම්බන්ධයෙන් සෞදිය කිසිවක් නොදන්නා බවයි. ජමාල් සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි. Washington Post පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු වන ජමාල් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු දැඩිව විවේචනය කළ මාධ්‍යවේදියෙකු වන අතර ඔහු අමෙරිකාවට පැමිණිමීට පෙර සෞදියේ මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර ඇත. කෙසේ වෙතත් පසුගිය 2 වනදා තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලට ඇතුළු වූ සෞදි මාධ්‍යවේදියාට සිදු වූයේ කුමක් ද යන්න තවදුරටත් අභිරහසකි. පෙර පුවත්....

*බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක්…!

*තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ…?