ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

19 Oct, 2018 | 6:42 am

COLOMBO (News 1st) 

1. ඉන්දීය රෝ සංවිධානය විසින් තමා ඝාතනය කිරිමේ තැතක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

2. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබේ.

3. අග්‍රාමාත්‍යවරයා ඇතුළු බොහෝ දෙනෙක් නොදැන සිටි ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ මාධ්‍යයට අනාවරණය කළේ ය.

4. බලපත්‍ර නොමැතිව ගිනිඅවි ළඟ තබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල සම සංවිධායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතා වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ.

විදෙස් පුවත්

5. ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ කනිෂ්ඨ අමාත්‍ය එබ්.බී. අක්බර් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය භාර දී තිබේ.

ක්‍රීඩා පුවත්

6. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වීමත් සමග එවකට මූල්‍ය ප්‍රධානියා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.