අගමැති කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවෙයි

අගමැති කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවෙයි

by Staff writer 19-10-2018 | 7:09 PM
COLOMBO (News 1st) : ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවිය. හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි යන මහත්ම මහත්මීන් නවදිල්ලි නුවර පැවති මෙම හමුවට එක්ව සිටියහ. රනිල් වික්‍රමසිංහ මහතා සමග මලික් සමරවික්‍රම, සාගල රත්නාය හා අර්ජුණ රණතුංග යන අමාත්‍යරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිති. තෙදින සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ නවදිල්ලි ගුවන් තොටුපොළට ළඟා විය. ඔහු හෙට ඉන්දීය අගමැති න්රේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත ය.