තොරතුරු විකෘති කළ අය ගැන සෙවිය යුතුයි

ඇමති මණ්ඩලයේ සාකච්ඡා කළ කරුණු විකෘති කළ අය ගැන සෙවිය යුතුයි

by Staff writer 18-10-2018 | 12:51 PM
COLOMBO (News 1st) : අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කළ කරුණු විකෘති කරමින් තොරතුරු ලබාදුන් පුද්ගලයින් පිළිබඳව වහා සොයා බැලිය යුතු බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙය අර්බුදයක් නිර්මාණය කිරීමේ අරමුණින් හිතාමතා සිදුකළ දෙයක් බවයි.