හයිබ්‍රිඩ් සුද්දා පාදුක්කේදී අත්අඩංගුවට

හයිබ්‍රිඩ් සුද්දා පාදුක්කේදී අත්අඩංගුවට

by Sagarika Chathumali 18-10-2018 | 8:37 AM
COLOMBO (News 1st) : රුපියල් මිලියන 13 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හයිබ්‍රිඩ් සුද්දා හෙවත් සමීර රංසාග ගුණසේකර නමැත්තා පාදුක්ක අංගම්පිටිය නැටිඔළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකදීයි. ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 100කි. මීට අමතරව රුපියල් 750000 ක මුදලක් හා මොටර් රථ දෙකක් ද සැකකරු සතුව තීබි සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි ඔහු පාදුක්ක නැටිඔළුව ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන මෙම ජාවාරම මෙහෙයවා තිබේ. පසුගිය මහ මැතිවරණ සමයේදී කොළඹ මහල් නිවාස සංකිර්ණයක් අසල හයිබ්‍රිඩ් මොටර් රථයකින් පැමිණ පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේදි ආදාළ මොටර් රථය පැදවූ පුද්ගලයා මොහු වන අතර දැනට මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු බව ද පොලීසිය පැවසී ය.