by Staff writer 18-10-2018 | 11:39 AM
COLOMBO (News 1st) : ගම්පහ නගරයේ වැඩි මිලට පානිය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 10කට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් විමර්ශන ඒකකය කටයුතු කර තිබේ.
මෙම වෙළෙඳසල් පරීක්ෂාව සිදුකර ඇත්තේ ලද තොරතුරකට අනුවයි.
මෙහිදි වැඩි මිලට ජල බෝතල් විකණීම සම්බන්ධයෙන් වායපාරික ස්ථාන 10ක් වටලා තිබේ.
2018 9 28 දරණ ගැසට් නිවේදනයට අනුව පානිය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති අතර ඒ අනුව මිලිලීටර 500 ජල බෝතලයක් රුපියල් 35ක් මිලිලිටර් 750 ජල බෝතලයක් රුපියල් 40ක් ලීටරයේ ජල බෝතලයක් රු 50ක් වනු ඇති.