නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID ය හමුවට

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID ය හමුවට

by Staff writer 18-10-2018 | 11:46 AM
COLOMBO (News 1st) : දෙවනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, පරීක්ෂණ නිලධාරීන් ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වකින් අනතුරුව නාලක ද සිල්වා මහතා පසුගිය 16 වැනි දා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවත් පෞද්ගලික හේතුවක් සඳහන් කර ඔහු එදින එහි නොපැමිණියේ ය. ඒ අනුව කුරුඳුරුවත්ත පොලීසිය මගින් ඒ මහතාට දෙවැනි වරටත් කැඳවිම් යැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ. මේ අතර අදාළ හෙළිදරව්ව කළ නාමල් කුමාර මහතා පසුගිය සඳුදා යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ ය.