by Staff writer 18-10-2018 | 12:35 PM
COLOMBO (News 1st) : ඉන්දීය රෝ සංවිධානය විසින් තමා ඝාතනය කිරිමේ තැතක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රතිචාර දක්වා තිබේ.
නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝාතන තැත සම්බන්ධයෙන් පළ කළ පුවත්පත් වාර්තා ද්වේශ සහගත බව ත් ඒ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිපාල මහතා කළ ඉක්මන් ප්‍රතිචාරය තමා අගය කරන බවයි.
ඊයේ පස්වරුවේ, මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා තමා සමග දුරකථනයෙක් සාකච්ඡා කළ බවත් මෙම නිවේදනයේ අගමැති මෝදි මහතා සඳහන් කර තිබේ.
ද හින්දු පුවත්පත වාර්තා කළ අන්දමට, ඉන්දිය රෝ සංවිධානය තමා ඝාතනය කිරිමට තැත් කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් මෙම වාර්තාව දෙරටේ මිත්‍රත්වය පළුඳු කිරීම අරමුණු කර ගනිමින් පළ කළ හුදු ද්වේශ සහගත තැතක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවත් මෙම නිවේදනයේ සඳහන් ය.
මේ අතර මෙම වාර්තාව පළ කළ ද හින්දු පුවත් සේවයට එරෙහිව ඉන්දීය රජය ගනු ලබන පියවර මොනවා ද යන්න ප්‍රශ්නයක් පැන නගී.
කෙසේ වෙතත් ද හින්දු පුවත්පත සහ ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා අතර ඉතා දිගු කාලීන සම්බන්ධතාවක් පවතින බවත් අප සිහිපත් කළ යුතුයි.