by Staff writer 18-10-2018 | 4:45 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර කළමනාකරු සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ය.
දෙදින නිල සංචාරයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට පැමිණෙන බව ද හින්දු පුවත්පත පසුගියදා වාර්තා කර තිබිණි.
එහි වැඩිදුරටත් දැක්වුණේ, සිය සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වීමට ද නියමිත බව ය.