හිටපු ජනපති පත් කළ ආර්ථික කමිටුව

හිටපු ජනපති පත් කළ ආර්ථික කමිටුවේ සිටින අයගේ කෙරුවාවන්

by Staff writer 18-10-2018 | 10:31 PM
COLOMBO (News 1st) - වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබේ. ඒ, අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා සහ එස්. අමරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

අජිත් නිවාඩ් කබ්රාල්

* 2006 ජුලි 1 වන දා සිට 2015 ජනවාරි 9 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයායි. * 2011 වසරේ මුළු ලෝකයම කඩා වැටෙන ආර්ථිකයක් ලෙස හඳුනාගත් ග්‍රීසියේ බැඳුම්කරවල අපේ රටේ ජනතාවගේ මුදල් ආයෝජනය කිරීම. අලාභය රුපියල් මිලියන 1257යි. * පවුල් වාදය මුලට ගෙන එමින් ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාවට සම්‍බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස කටයුතු කිරීමට අවසර දීම මෙන්ම තම සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කිරීමට සැලැස්වීම. * තම සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ධූරය දරමින් අසාර්ථක මිහින් ලංකා සමාගමට රුපියල් මිලියන 300ක් ආයෝජනය කිරීමට ඉඩ ලබා දීම. * සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් යොදා ගෙන අසාර්ථක ආයෝජන කර අරමුදලට අලාභ කිරීම. * ඉහළ මිල ගණන් ගෙවා විදේශීය උපදේශන සමාගම්වල සේවය ලබා ගැනීම. මේ සියල්ල සිදු වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ය.

ආචාර්ය නාලක ගොඩහේවා

* කුප්‍රකට පම්පින් හා ඩම්පින් ක්‍රමය භාවිත කරමින් කොටස් වෙළෙඳපොළ මිල ගණන් කෘතීම ලෙස උච්චාවචනය කරමින් අයුතු ලාභ උපයා ගැනීම. * කුප්‍රකට ක්‍රිෂ් නිවාස ව්‍යාපෘතියේ දූෂණ සම්බන්ධයෙන් නම් සඳහන් වීම. * කොටස් වෙළෙඳපොළ සතුව තිබූ මුදල් මිලියන ගණන් විවිධ හේතු දක්වමින් නාමල් රාජපක්ෂට මුදා හැරීම. වසර 4ක් තිස්සේ මේ රජයේ අමාත්‍යවරුන්ට හෝ වගකිව යුතු ආයතනවලට පම්පින් සහ ඩම්පින් වැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. හිටපු ජනාධිපතිතුමනී මේ ඔබ තුමන් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට විසඳුම් සෙවීමට උපකාර පතන අයගේ කෙරුවාවෙන් බිඳකි.