BREAKING : බැංකු 2ක අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ

BREAKING :ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ

by Staff writer 17-10-2018 | 9:19 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරිණ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග මතයි. ඊට අදාළ දැනුම්දීම අද පස්වරුවේ ලිඛිතව එම අධ්‍යක්ෂ මණ්ඩල වෙත යොමු කළ බව ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ය. මේ අතර අද රාත්‍රි වාර්තා වූයේ ශ්‍රී ලංකා අයෝජන මණ්ජලයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා ද ඉල්ලා අස්වූ බවයි.