සය හැවිරිදි අන්සාරි දූෂණය කර මරා දැමූ පාපතරයා එල්ලා මරා දැමේ

by Sagarika Chathumali 17-10-2018 | 5:24 PM
News 1st : පසුගිය ජනවාරි මාසයේදී 6 හැවිරිදි පකිස්ථාන දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධියේ වරදකරු වූ 24 හැවිරිදි ඉම්රාන් අලි නමැත්තාට අධිකරණය  නියම වූ මරණ දඬුවම අද ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව අද (17) උදෑසන ලාහෝරයේ කොට් ලක්හ්පට් බන්ධනාගාරයේදී අන්සාරිගේ පියා ඇතුළු ඥාතීන් ඉදිරියේ අලිගේ එල්ලා මරා දමා තිබේ. පසුගිය ජනාවරි 4 වන දා පකිස්ථානයේ කසූර් නගරයේදී සයිනබ් අන්සාරි දැරිය අතුරුදන් වූ අතර ඉන් දින 5කට පසු ඇයගේ නිසල දේහය සොයා ගැනුණේ, නගරයේ කසළ ගොඩක තිබියදීයි. අන්සාරිගේ ඝාතනය සම්බන්ධයෙන් ජනවාරි 23 වන දා ඉම්රාන් අලි නමැති 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනුණු අතර පෙබරවාරි මාසයේදී චූදිතයාට පකිස්ථාන අධිකරණය මරණ දඬුවම නියම කළේ ය. මේ අතර තමාට පැනවුණු මරණ දඬුවමට එරෙහිව අලි අභියාචනා කළ ද අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර අන්සාරිගේ පියා පවසා ඇත්තේ, තම අදාරණීය දියණියට අපාරාධය සිදු කළ ඝාතකයාගේ අවසන් මොහොත සියසින් දැක ගැනීමට හැකිවීමෙන් තමා සෑහිමකට පත් වූ බවයි. අන්සාරිගේ ඥාතීන් ඝාතකයා ප්‍රසිද්ධියේ එල්ලා මරා දමන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර පසුගිය අවුරුදු දෙක ඇතුළත කසූර් නගරයේ දැරියන් 6 දෙනෙකුට වැඩි පිරිසක් මෙලෙස ඝාතනය කර තිබූ අතර එම ඝාතන සම්බන්ධයෙන් ද පසුව අන්සාරිට අපරාධය සිදු කළ අලි ම වරදකරු විය.

අන්සාරිගේ ඝාතනයෙන් පකිස්ථානය උණුසුම්.....

අන්සාරි අතුරුදන් වී දින 5කට පසු ඇයගේ සිරුර සොයා ගන්නා තුරුත් පොලීසිය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවට අන්සාරිගේ ඥාතීහු පොලීසියට චෝදනා එල්ල කළහ. පසුව කිසියම් පුද්ගලයෙකු විසින් දැරිය කැටුව යන ආකාරය දැක්වෙන් CCTV දර්ශන ද නිකුත් වූ අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචලිත වන්නට විය. පසුගිය ජනවාරි මාසයේ අනාසිරිගේ සාහසික ඝාතනය හෙළිවීමත් සමග රට පුරා විරෝධතා උත්සන්න වූ අතර ඝාතකයා සොයා ගැනීමට පොලීසීය ආකාර්යක්ෂම වූ බව ද චෝදනා එල්ල වූ මෙම විරෝධතාවලදී විරෝධතාකරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

#JusticeforZainab