2017 වන විට වැට් බද්ද 107.2%කින් ඉහළට

2017 වන විට වැට් බද්ද 107.2%කින් ඉහළට

by Staff writer 17-10-2018 | 9:06 PM
COLOMBO (News 1st) : ආර්ථිකයේ බිඳ වැටීමක් තිබියදී බැංකු පද්ධතියේ පිබිදීමක් විය හැකි දැයි ප්‍රසාද් එදිරිසිංහ මහතා ඩේලි එෆ්ටී පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් ප්‍රශ්න කරයි. ණය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැඩි පියවර අනුගමනය කරමින් තිබියදී ත් අගෝස්තු මාසයේදී බැංකු මගින් නිකුත් කරන ණය වර්ධනයවී ඇතැයි මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් ය. ඩේලි එෆ් ටී වාර්තාවේ සඳහන් වන්නේ මේ අයුරින් වසරේ මුල් මාස 8 තුළ බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 700 ක ණය නිකුත් කර ඇති බවයි. එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 10.9%ක වර්ධනයකි. ආපසු නොගෙවූ ණය අගෝස්තු මාසය වනවිට 3.4 % සිට 3.6% දක්වා වර්ධනයයී ඇති බව ද ප්‍රසාද් එදිරිසිංහ මහතාගේ ලිපියේ සඳහන් ය. පසුගිය මාස 8 තුළ ආපසු අය කර ගැනීමට නොහැකි ණය ප්‍රමාණයක බිලියන 94 සිට බිලියන 255 දක්වා වැඩිවී තිබේ. බැංකු තමන්ගේ ශේෂපත්‍රය ආකර්ෂණීය කිරීමට රුපියල් බිලියන 155 ක් වටිනා ණය නැවත සැලසුම් කර ඇති බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.