ජනපති ඝාතන තැත ගැන පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍යයි - රාජිත කියයි

by Staff writer 17-10-2018 | 12:36 PM
COLOMBO (News 1st) - කැබිනට් රැස්වීමේදී ඊයේ ජනාධිපතිවරයා සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරුණු පැහැදිලි කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා රෝ ඒජන්තවරයෙකු විය හැකි බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශයක් කළා යැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව ය.