ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-10-2018 | 7:14 AM
COLOMBO (News 1st)  1. වැට් බද්දෙන් රජය උපයන ආදායම ඉහළ ගොස් තිබේ. 2. පසුගියදා තෙබුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය පරිත්‍යාගයක් ලබා දී තිබේ. 3. ආනයන සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ. 4. ඔක්තෝබර් මාසයේ ගත වූ දින කිහිපය තුළ බන්ධනාගාර ආශ්‍රිතව කළ වැටලීම්වලදී රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 32 ක් ඇතුළු නීති විරෝධි ද්‍රව්‍ය රැසක් හමුවී ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කළේ ය. 5. වැලිකඩ බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මහතා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 6. සෞදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛසෝගි, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ බව තහවුරු කරන සාක්ෂි හමු වූ බව තුර්කි බලධාරීහු පවසති. ක්‍රීඩා පුවත් 7. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.