ඉන්දීය විදේශ කටයුතු කනිෂ්ඨ ඇමති ඉල්ලා අස්වෙයි

ඉන්දීය විදේශ කටයුතු කනිෂ්ඨ ඇමති ඉල්ලා අස්වෙයි

by Staff writer 17-10-2018 | 7:45 PM
ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබද කනිෂ්ඨ අමාත්‍ය එබ්. බී. අක්බර් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය භාර දී තිබේ. කාන්තා හින්සනය ම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුවත් පත් කතෘවරයෙක් වශයෙන් කටයුතු කළ අක්බර් මහතා, මී ටූ නම් ලිංගික අතවර කිරීම් සම්බන්ධ චූදිතයින් හෙළිදරව් කරන ව්‍යාපාරයේ අවධානය යොමු වූ ප්‍රධාන පුද්ගලයෙකි. මොහුට විරුද්ධව බරපතළ ලිංගික අපචාර පිළිබද චෝදනා පවා එල්ල වී තිබේ. මේ අතර අදාළ කරුණු හෙළිදරව් කල මාධ්‍යෙව්දිනියකට එරෙහිව එබ්. බී. අක්බර් මහතා නීතිමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ