ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ අද විශේෂ රැස්වීමක්

ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ අද විශේෂ රැස්වීමක්

by Staff writer 16-10-2018 | 6:37 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි 7.00 ට ජනපති නිල නිවසේදී රැස්වීම පැවැත්වෙන බවයි. එහිදී ඉදිරි මැතිවරණ, පක්ෂ සම්මේලනය ඇතුලු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. එස්. බී. දිසානායක මහතා පැවසුවේ, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව කාරක සභා රැස්වීමේදී පුළුල්ව අවධානය යොමු කරනු ඇති බවයි.