අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි

විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි

by Staff writer 16-10-2018 | 9:43 AM

COLOMBO (News 1st) - කුප්‍රකට අලි ජාවාරම් කරුවෙකු වන අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට ලබන 26 වැනි දින විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ.

ඒ, බස්නාහිර පළාත්බද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ලබාදුන් නියෝගයකට අනුවය. නීත්‍යානූකුල බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.